....අභිසාරිකාවකගේ (නො ) ඇසුනු විලාපය....


''අවලාදයෙන්'' කිලිටි වූ දෙසවන්
''සිනහවින්, සරදමින්'' හිල් වූ
නිරුවත් සිත,
මොහොතකට හෝ හිරි වැට්ටවීමට
සිහින එන්නත් කර ගත් ඇය,
හිරු රැස් ගිලීමට සමත්,
රැය එලඹෙන තුරු
කිසිදාක නොපිරෙන ප්රේමයක් පතාගෙන
ලොවම රැවටීමට
මුවින් පමණක් සිනාසෙන්නීය
නමුදු..........,
දිලෙන හිරුට පිබිදුන
ඇගේ නිහඬ කඳුලැලි ලෝකය
තුල,
''ඇගේ කෑ ගැසීම් නිහඬය''

Popular posts from this blog

..පශ්චාත් නූතන වාදයේ අනුකම්පාව....

The Bermuda Triangle Mystery(Part 2)

Bermuda Triangle(Part 1)